එකවරම ආ වමනේ නිසා කාන්තාවක් බසයෙන් එළියට ඔලුව දාලා - අවසානයේ කවුරුත් නොහිතපු ඇඟ හිරිවැටෙන දෙයක් වෙලා.. කවදාවත් මේ වගේ දෙයක් නම් කරන්න එපා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident Death
By krishani Oct 23, 2023 03:33 PM GMT
Report

බසයක ගමන් කරන අතරතුර කාන්තාවක් එකවරම ආ වමනේ තත්ත්වයක් හේතුවෙන් වමනේ දැමීමට හිස ජනේලයෙන් එළියට දමා තිබෙනවා.

එහිදී ඉදිරියෙන් පැමිණි ලෝරි රථයක ගැටී බරපතළ තුවාල ලබා එම කාන්තාව මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ මින්නේරිය හබරණ ප්‍රදේශයේ 38 වන සැතපුම් කණුව අසන්නේ දී ය.

එහිදී බරපතළ තුවාල ලැබූ ඇය පොළොන්නරුව මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඇය මියගොස් ඇති බව වාර්තා වන අතර කතරගම සිට අනුරාධපුර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු ව ඇත්තේ.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.