බිහිසුණු රිය අනතුරක් - 11ක් රෝහල්ගත කරයි.

Sri Lanka Accident
By krishani Dec 23, 2022 02:45 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් කරමින් සිටී බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

අනතුරින් තුවාළ ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට තොරතුරු වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී වන අතර අනතුර හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join