"මම ඇතුළේ හිටියේ එක පාර වැටුණා කකුල් දෙක මැද්දෙන්.." - මාරාන්තික අනතුරකින් දිවි බේරාගත් තරුණයා.. (VIDEO)
Colombo
Accident
By krishani
අද (09) උදෑසන විශාල අනතුරකින් දිවි බේරාගත් තරුණයෙක් පිළිබඳව වාර්තා වේ.
කොළඹ ටවුන් හෝල් ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු දොඹකරයක සවිකර තිබු යකඩ බටයක් වැටුණු අතර එම අවස්ථාවේ මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටි තරුණයා සිය ජීවිතය බේරාගෙන ඇත්තේ වාසනාවකට මෙන්ය.
එම අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |