පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක් වෙයි..

Parliament of Sri Lanka Ali Sabry Accident
By Aruna Feb 13, 2024 02:09 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය හදිසි අනතුරකට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක් වෙයි.. | Accident Ali Sabry Pm

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම - අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස තුවාල ලබා ඇත්තේ, අත්ට්‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව මේ වන විට සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.