තවත් බිහිසුණු අනතුරක්..කොළඹ ප්රධාන මාර්ගයක් වැසේ..
මාවනැල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථයක යතුරුපැදියක් ගැටී මාවනැල්ල ඇරැව්පොල මාර්ගයේ එතම්මිට ප්රදේශයේ දී අද (03) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබු තරුණයා අවුරුදු 18ක් වු අරණායක ලීලාගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
යතුරුපැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති අතර, අසුපිනි ඇල්ල ජල යෝජනා ක්රමය යටතේ ඇරැව්පොල දක්වා ජලය ලබා දීමට එම මාර්ගයේ කාණු කපා ඇති අතර එලෙස කපා තිබු අනාරක්ෂිත කාණුවක් හේතුවෙන් මාර්ගයේ ඉඩකඩ මදි වීම ද අනතුරට හේතුවී තිබෙන බවයි පැවසෙන්නේ.
මේ අතර, කොටුව දුම්රියපොළ ඉදිරිපිට විශාල ප්රමාණයේ මාර ගහක් කඩා වැටීමෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනය එක් මංතීරුකට සීමා කර තිබෙනවා.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආරක්ෂක අංශ මේ වනවිට ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවති බවයි අප වාර්තාකරු පැවසුවේ.