වෑන් රථයක් ප්රපාතයකට පෙරළී යයි..ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුත් මරුට..
පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී කුඩා වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයේ දී අද(24) ඇළකට පෙරලී තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, එකම පවුලේ පස් දෙනෙක් ගමන් ගත් වෑන් රථයක් බවයි පැවසෙන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ, වාහනය පදවා ඇත්තේ එම පවුලේම සාමාජිකයෙක් වන අතර ඔහුට නින්ද යාම නිසා අධික වේගයෙන් පැමිණි රථය අඩි තිහක් පමණ ප්රපාතයකට පෙරලී ඇති බවයි.
එම අනතුරෙන් හතර දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. මෙසේ තුවාල ලැබූවන් අතර වයස අවුරුදු පහක කුඩා දියණියක් ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, බස් රථ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබූ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් තිබෙන බව කොස්ගම පොලිසිය පවසනවා.
අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ ප්රධාන පොලිස් පරීක්ෂක වරයෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය ජුනි මස 6 වැනිදා කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම නගරයේ දී මෙම අනතුර සිදුවී ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ .
අනතුර සිදුකළ බස්රථ රියදුරු කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.