තනිව සිටි තරුණියක් කාමරයකදී කරගත් දේ..මහ රෑ පෙම්වතා නිවසේ උළු බාගෙන ඇතුලු වෙද්දි හදවත කම්පා වෙයි..(PHOTO)

Sri Lanka Accident
By Aruna Dec 20, 2022 03:17 AM GMT
Report

මහ රෑ ගෙල වැලලා ගත් බව කියන සිය පෙම්වතිය මිය ගොස් නැතැයි සිතා ඇගේ සිරුර මිතුරෙකු සමග යතුරු පැදියකින් රැගෙන යන අතරමගදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇගේ සිරුර ළඳු කැලෑවකට දමා වේයන්ගොඩ පොලිසියට ගිය බව කියන සිද්ධියක් අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා ඉදිරියේ ඊයේ (19) පාන්දර කරන ලද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ බෝඩිමක තනිව සිටි විසි හැවිරිදි තරුණියක වන ශෂිනි ගයත්‍රී නමැති තරුණියකගේ මෘතශරීරය පෙරේදා 18 රාත්‍රි උතුරු පින්නගොල්ල ළඳු කැලෑවක තිබී වේයන්ගොඩ පොලීසියට හමුවී ඇත.

මේ පිළිබඳව පොලීසිය ඊයේ (19) අලුයම 01 ට පමණ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා විසින් පින්නගොල්ල ලඳු කැලෑවක තිබූ මළ සිරුර නිරීක්ෂණය කර ඇත.

පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනාවරණය වූයේ මිය ගොස් ඇති තැනැත්තිය වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටි බවයි.

බිරිය හැර ගිය විවාහක තරුණයකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් එම සම්බන්ධයට තරුණියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වී එම තරුණයාට පසුගියදාක පහර දී ඇති බවත් ඒ හේතුවෙන් තරුණිය වේයන්ගොඩ, දන්විලාන ප්‍රදේශයේ නිවසක බෝඩිම් කාමරයක නැවතී සිට ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

තරුණිය නැවතී සිටි වේයන්ගොඩ, දන්විලාන නිවෙසට ගොස් කරන ලද වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය වූයේ තරුණිය තනිව වෙනම කාමරයක සිට ඇති බවත් තුන් වේලට ආහාර පෙම්වතා විසින් ගෙනැවිත් දෙනු ලැබ ඇති බවත්ය.

පෙරේදා (18) රාත්‍රි ආහාරයද පෙම්වතා ඇයට ගෙන විත් දී පිටව යාමෙන් පසු පෙම්වතා රාත්‍රි ඇයට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කර ඇති බවත් ඇය කතා නොකිරීම හේතුවෙන් මහ රෑ පෙම්වතා බෝඩිමට පැමිණ ඇති බවත් ඇය කතා නොකර කාමරයේ දොර වසා ගෙන සිට ඇති බවත් පොලිසිය කියයි.

පසුව ඔහු වහලයේ උළු ඉවත් කර බැලීමේදී ඇය ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලගාගෙන සිටිනු දැක මිතුරෙකු ද ගෙන්වා ගෙන යතුරුපැදියක තබා ගෙන යද්දී පින්නගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී ඇති අතර සිද්ධිය ඔහුගේ මවට දුරකතනයෙන් දන්වා ඇති බවත් පසුව ඇගේ සිරුර එම ස්ථානයේ තබා මවගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිසියට ගිය බවත් සැකකාර පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය විය.

සැකකාර පෙම්වතා වේයන්ගොඩ පොලිසියට යන විට තරුණිය නැවතී සිටි නිවෙසේ හිමිකරු සහ ඔහුගේ බිරිය පොලිසියට පැමිණ තරුණිය අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර පිටව ගොස් තිබීම හේතුවෙන් එම නිවැසින් හා සැකකාර පෙම්වතා ද පොලිසිය බාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පෙම්වතා ද පින්නගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලීසියට නියෝග කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery