17 හැවිරිදි හිමිණමකට පුද්ගලයෙක් බලහත්කාරයෙන් වස පොවයි..කිසිවෙකු නොසිතූ බිහිසුණු සිදුවීම මෙන්න..

Sri Lanka Accident
By Aruna Dec 19, 2022 04:03 AM GMT
Report

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට ඊයේ (18දා) පෙරවරු 11 ට පමණ විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතළ රෝගී තත්ත්වයට පත් හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියෝ මෙසේ පැවසූහ.

විහාර භූමියට දින තුනක් නාදුනන පුද්ගලයෙක් පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ (18දා) පෙරවරුවේ විහාරස්ථානය පහළ නුග ගස අසල සිටිනු දහම් පාසලේ උගන්වමින් සිටි ධම්මරතන හිමි දැක ඒ බව මට දැනුම් දුන්නා.

මම ගිහින් කවුද කියලා බලන්න ද කියලා මගෙන් ඇහුවා.

ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක්නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා.

පසුව මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි දුරකතනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වස පොවලා හොඳටම අමාරුයි කියලා.

නුග ගස අසල සිටි පුද්ගලයා වස පානය කරන්න හදනකොට එතනින් ඉවත්ව යන ලෙස හාමුදුරුවො කියලා.

එවිට ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙලට පිහියක් තියලා වස බෝතලය පොවා ඇළට තල්ලු කොට තිබෙන බව තමයි දැන ගන්න තිබෙන්නේ.

අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් පතක් ගෙන එයින් පෙති විශාල ප්‍රමාණයක්ද ඔහු පොඩි හාමුදුරුවන්ට පොවා තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ උන්වහන්සේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now