අවුරුදු 03ක දරුවෙක් මරාදමූ තරුණයෙක් ගෙලවැලලාගනී...
Sri Lanka
Accident
By Aruna
වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහරදී නිදි යහනේදී ගෙල මිරිකා ඝාතනය කල අයෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසනවා .
වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නැමති පිරිමි දරුවෙකු ඝාතනය කල හලෝවිට හේවගේ සචිත්ත නමැති 21 හැවිරිදි තරුණයෙකු මෙසේ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි බවයි පොලිසිය කියා සිටියේ.
මියගොස් ඇති දරුවාගේ මව පියාගෙන් වෙන්ව ගෙල වැලලාගෙන මියගොස් ඇති පුද්ගලයා සමග එකට ජීවත්වන බවද සදහන් වේ.
ඇය (12) උදෑසන සිය 10 හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |