වෑන් රථයක් අඩි 30ක ප්‍රපාතයකට පෙරළෙයි.(PHOTOS)

Accident Sri Lanka
By Aruna Dec 16, 2021 07:40 AM GMT
Report

කොට්ටාව සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු වැන් රථයක ගැටිමෙන් අනතුරුව වන් රථය අඩි 30 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරළී අනතුරක් සිදු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල පාමස්ටන් ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු මොටර් රථයේ රියදුරාට නින්ද යාම නිසා මොටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගය අසල ගාල් කර තිබු වැන් රථයේ ගැටි මොටර් රථය නතර වි ඇති අතර , මොටර් රථය ගැටිමෙන් වැන් රථය ප්‍රපාතයට පෙරලෙන්නට ඇතැයි පොලීසිය කියයි.

ප්‍රපාතයට පෙරලුණු වැන් රථයේ කිසිවෙකු සිට නොමැති බවත්, අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති වුවත්, අනතුරෙන් මොටර් රථයට සහ වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.

GalleryGallery