මහ මඟ මනුස්සකම යට කර ගිය කඳුලු කතාව..පොලීසියත් මහජන සහාය පතයි..

Police Accident Sri Lanka Nawula
By Aruna Dec 12, 2021 06:28 AM GMT
Report

නාඋල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ උඩුදෙනිය ප්‍රදේශයේ දී සිදු වු රියඅනතුරකින් මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා නාඋල පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය දා (11 ) අළුයම් කාලයේ දී රථයක ගැටී, මාර්ගය ආසන්නයේ වැටී ඇති මෙම පුද්ගලයා නාලන්ද රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

පසුදින සිය වාහනයේ පුද්ගලයෙකු හැපුණු බව පවසමින් රියදුරෙකු නාඋල පොලිසියට භාර වී ඇති බව ද වැඩිදුරටත් දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ හිමිකරුවෙකු මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව පොලීසිය සඳහන් කරනවා.

ඒ හේතුවෙන් නාලන්ද රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත දේහය සම්බන්ධ තොරතුරක් වේ,නම් නාඋල පොලිසියේ 066 -2246222 දුරකතන අංකයට තොරතුරක් ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now