සමගි ජන බලවේග අපේක්ෂකයෙක් විදුලිසැර වැඳී මියයයි..හද සසල කළ සිදුවීම මෙන්න..

Police spokesman Samagi Jana Balawegaya Accident Death
By Aruna Aug 01, 2024 05:50 AM GMT
Report

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයේ 645 කෝන්කඩවල ග්‍රාම නිළධාරිවසමේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ සවස විදුලි සැර වැදී මියගොස් ඇති බව නවගත්තේගම පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.

මියගිය පුද්ගලයා දහවල් කාලයේ නිවසට මීටර් 300ක් පමණ යාබද ඔහුගේ හිතවතෙකුට අයත් ඉඩමක බුලත් වගාවක් සිදුකරගෙන ගොස් තිබූ බවයි පැවසෙන්නේ.

ඒ සඳහා නිවසින් ගොස් ඇති අතර සවස් යාමය වන විටත් නිවස වෙත නොපැමිණියේ මන්දයන්න සොයා බැලූ අසල්වාසියෙකු ඔහු බුලත් වගාව සිදුකල ඉඩමේ ජලය ලබා ගැනීම සඳහා කපා ඇති අනාරක්ෂිත වගා ලිද යාබද වැටී සිටිනු දැක 1990 ගිලන් රථ සේවයටද අමතා තිබේ.

ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක් ගුවන්තොටු පොලට පැමිණීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්..(PHOTOS)

ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක් ගුවන්තොටු පොලට පැමිණීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්..(PHOTOS)


අනතුරුව ඔවුන් පැමිණෙන විටත් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. නවගත්තේගම පොලීසිය කියා සිටින්නේ, බුලත් වගාව සදහා අවශ්‍යකරන වතුර මෝටරය සකස් කරමින් සිට ඇති අතර එහිදි මෙම විදුලිසැර වැදී ඇතැයි නවගත්තේගම පොලීසිය සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

මියගිය පුද්ගලයා කෝන්ඩකඩවල වයස අවුරුදු 36 හැවිරිදි අයෙකුවන අතර නමින් ඔහු W.T.M.ජගත් කුමාර වන්නිනායක නම් එක් දරු පියෙක් බවයි පැවසෙන්නේ.

රටම හෙල්ලූ කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී අත්අඩංගුවට?..

රටම හෙල්ලූ කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී අත්අඩංගුවට?..


ඔහු ඇප අවලංගු වූ පසුගිය පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අයෙක් ද වනවා. දේහය පිලිබද හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පුත්තලම රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.