ඥානසාර හිමි නිදහස ඉල්ලා කළ සත්යග්රහයේ අට්ටාල ගලවා ඉවත් කරයි
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්යග්රහයේ නිරතව සිටි පිරිස් ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබූ අතර, එම නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමටද පොලිසිය පියවර ගෙන තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන’ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියහ.