අද සිට ලබා ගත හැකි වටිනා සහන මල්ලක් - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Sinhala and Tamil New Year Lanka Sathosa Latest Headlines Decision Making
By krishani Apr 02, 2024 11:43 AM GMT
Report

අද (02) දින සිට දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

අද සිට ලබා ගත හැකි වටිනා සහන මල්ලක් - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | A Yearly Concession Bag From Sathosa Branches

ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ය.

ඒ අනුව රු.4500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් ආහාර මල්ල රු.3420 ක සිල්ලර මිලකට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට හැකිය.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.


එම අවුරුදු සහන මල්ලට ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් , ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක් , ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක් , ග්‍රැම් 700 ඉදි ආප්ප පිටි පැකට්ටුවක් , මිලිලිටර් 350 විනාකිරි බෝතලයක් , සෝයාමිට් පැකට්ටුවක් , පරිප්පු ග්‍රැම් 500 , සුදු සහල් කිලෝ දෙකක් , පපඩම් පැකට්ටුවක් , සැමන් ටින් එකක් ඇතුළත් ය.

කෙසේ වෙතත්, එම අවුරුදු සහන මල්ල බැගය අසුරා පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසීය.