විරෝධතාව නිසා වසා දැමුණු ගාලු පාර යළි විවෘත කෙරේ

Galle Face Protest Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 16, 2026 06:32 AM GMT
Report

මහා සංඝරත්නයේ විරෝධතාව හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ගාලු පාර යළි රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

ඊයේ (15) පස්වරුවේ සිට ගාලු පාර වසා දැමීමත් සමඟ කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි.

මහා සංඝරත්නය ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර, ඒ අනුව පොලිසිය ගාලු පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, මේ වන විට එම මාර්ගය යළි විවෘත කර ඇති බැවින් රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.