පාසලක දරුවන් 42 කට බඹර ප්‍රහාරයක්..(PHOTOS)
Accident
By Aruna
වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42 දෙනෙකුට අද (17) උදැසන බඹරු ප්‍රහාරයක් එල්ල වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.
පාසල් දරුවන්ගේ දෙමාපියන් පැවසූවේ, පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එය සිදුව ඇති බවයි.
බඹර ප්‍රහාරයට ලක්වු දරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, දරුවන්ගෙන් පිරිසක් තරමක් බරපතළ තත්ත්වයේ සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පාසලෙන් දරුවන් ඉවත් කොට ඇති අතර, පාසල් ගුරුවරුන් හා දරුවන්ගේ දෙමාපියන්ගේ කැපවීම මත දරුවන් රැසක් බඹර ප්‍රහාරයෙන් වළකා ගැනීමට හැකිවු බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |





