විකිණීමට සෑදූ අති දුර්ලභ සුදු රාජාලියා..ඡායාරූප සහිතයි..(PHOTOS)

puttalam White eagle Palavi forest departnment
By Sewvandhi Feb 12, 2022 10:47 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පුත්තලම පාලාවි 02 කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බෝ කළ බවට සැකපිට දුර්ලභ සුදු රාජාලියෙකු සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුර්ලභ සුදු රාජාලි විශේෂය (WHITE BELLIED SEA EAGLE) HALIEETUS LEUCOGWTER ගණයට අයත් වන බව පොලිසිය පවසයි.

දුර්ලභ ගණයේ සුදු රාජාලියා අලෙවි කිරීම සඳහා ඇති කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ රාජාලියා පුත්තලම වනජීවී අභයභූමියට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අධිකරණ නියෝගයක් මත පුත්තලම වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGallery