ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී
Sri Lanka
Sri Lanka Railways
Sri Lanka Fuel Crisis
Accident
By Sithumi
තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. කොළොන්නාවේ සිට අනුරාධපුර දක්වා ඉන්ධන රැගෙන යමින් තිබූ දුම්රියක් අද දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඉන්ධන අඩංගු ටැංකි දෙකක් පීලි පැනීමට ලක්වූ ස්ථානයේ ඇති අතර ඉතිරි ටැංකි හත අනුරාධපුර ගබඩාව දක්වා ගමන් කර තිබෙනවා. මෙමගින් මාර්ගයේ වෙනත් දුම්රිය ගමන්වලට බාධාවක් සිදුවී නොමැති බව ද සඳහන්.
එමෙන්ම මෙම දුම්රිය පීලි පැනීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර මාර්ගයට අලාභ හානි සිදුව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |