කොළඹ ප්‍රසිද්ධ පාසලක තරුණ ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Sri Lankan Schools
By Sewvandhi Nov 14, 2023 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. 

මෙලෙස, මියගොස් ඇති ගුරුවරයා ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවටද මේ වනවිට තොරතුරු වාර්තාවී තිබේ.

එම ගුරුවරයා ඊයේ(13) සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

Gagana

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ, මෙම ගුරුවරයා විශාල මුදලක් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක ආයෝජනය කර ඇති බවටයි.

එසේම ඔහු නිවසින් පිටවනවිට රැගෙන ආ ගමන් මල්ල වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත. පානදුර උතුර පොලීසිය ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.