තරුණයෙකුට අතිශය බිහිසුණු කඩු ප්‍රහාරයක්

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Jul 23, 2024 02:39 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (22) රාත්‍රීයේ යතුරු පැදියකින් සිය නිවස බලා යමින් සිටි තරුණයෙකුට යාපනයේ වඩුක්කෝඩෙයි අරාලිමඩි ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් එල්ල කළ කඩු ප්‍රහාරයකින් තරුණයා බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වාර්තා වන්නේ, ප්‍රහාරය සදහා තිදෙනෙකු පැමිණ ඇති අතර තරුණයාට පහර දී ඔහුව කපා දැමීමෙන් පසුව සැකකරුවන් තරුණයා ගමන් කළ යතුරු පැදියට පොලු වලින් පහර දී ඊට හානි සිදූ කොට ඇති බවයි.

දැනට රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, මෙම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න හෝ ඊට හේතුව තමා නොදන්නා බවයි.

ප්‍රහාරය සදහා පැමිණි පිරිස කලු රෙදි වලින් මුහුණු වසා ගෙන සිටි නිසා ඔවුන් හදුණා ගැනීමට නොහැකි වූ බවත්, ඔවුන් එල්ල කළ ප්‍රහාර නිසා තමන් යතුරු පැදියෙන් බිමට ඇද වැටීමෙන් පසුව ඔවුන් එක දිගටම පොලු වලින් පහර දී පසුව කඩුවකින් කපා දැමූ බවත්, අදාල තරුණයා වඩුක්කෝඩෙයි පොලිසියට වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.