"මහින්ද කියන්නේ ඕනේම වේලාවක තනතුරු අතහරින්න කැමති මිනිහෙක්.. එතුමාට මේ අගමැතිකම ලොකු නෑ..." - අගමැතිකම ඩලස්ට ද..? ප්‍රබලයෙක්ගෙන් ඇසෙන කතාවක්..

Dilan Perera Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani May 02, 2022 03:24 AM GMT
Report

අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

"මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම දුෂ්කර අභියෝග බාරගෙන ජයග්‍රහණය කරපු සහ ඕනෑම වේලාවක තනතුරු අත්හරින්න සූදානම් මිනිහෙක්. එතුමා 2015 පැරදිලා ගෙදර ගියා එතුමා දේශපාලනයෙන් අයින්වෙලා. දිනපු මෛත්‍රීපාල ළඟට කවුරුත් ගියේ නෑ. පැරදුන මහින්ද රාජපක්ෂ ළඟට ගිහින් මිනිස්සු කිව්වා, සර් දේශපාලනයට ඇවිත් ආපහු රට බේර ගන්න එන්න මෛත්‍රීපාල ගොයියා හොඳ නෑ කියලා. එතුමා තනතුරු අත්හැරපු කෙනෙක් රට වෙනුවෙන්. එතුමාට මේ අගමැතිකම ලොකු නෑ. එතුමා අගමැතිකමින් අනිවාර්යයෙන්ම අයින් වෙයි . බැහැයි එතුමාට අපි නිවැරදිව කියන්න ඕනේ මෙන්න මේකයි සැලැස්ම කියලා. මම වුණත් ගත්තොත් හෙට හදන අන්තර්වාර පාලන මණ්ඩලයේ අගමැතිකම සජිත් ප්‍රේමදාසට මම දෙන්නේ නෑනේ. මම බෑ කියනවා. හැබැයි ඒ අන්තර්වාර පාලන මණ්ඩලයේ අගමැතිකම ඩලස් අලහප්පෙරුම නම් මම හා කියනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join