"..මම කරපු හැම එකටම විරුද්ධ වුණා.අන්තිමට ගෙදර ගියේ ගෝඨා නෙමෙයි මමයි.." - බැංකු ආරක්ෂා කරගන්න ආකාරය ගැන රනිල් කිවේ මෙහෙමයි..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani May 04, 2022 07:05 AM GMT
Report

පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් සමහර අවස්ථාවල දී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ය.

බැංකු හා ෆිනෑන්ස් කම්පැනි කඩා වැටීමට නොදී බලාගත යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, එය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බව ද පැවසිය.

"මුදල් ඇමතිතුමනි, දෙන්න එපා එක එකාට තමන් කැමති විදියට කරන්න. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් එයාර් බස් 25ක් ගත්තා. අපි ලංකාවේ ආර්ථිකය දිහා බලලා ඊට පස්සේ ආර්ථිකයට මොකද්ද කරන්නේ කියලා බලන්න ඕනේ. විශේෂයෙන් මුදල් ඇමතිතුමාට කියනවා කරුණාකරලා ශ්‍රීලංකන් එකට කියන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දෙනකල් කිසිම ගුවන් යානයක් මිලදී ගන්න එපා කියලා.

බැංකු ආරක්ෂා කරන්න.අලාභ ලබන ආයතනවලට මොකද්ද කරන්නේ. ලෝක තෙල් මිල වැඩිවෙනවා. අපිට එදා කිව්වා 2020 - 2021තෙල් මිල අඩුවුණාම වෙනම අරමුදලක් දානවා කියලා. ඒ අරමුදලේ මුදල් තියෙනවා ද? නැත්නම් ඒ නිලධාරීන්ට අපි දඬුවම් කරන්න ඕනේ. ඒකයි මම ඔබතුමාගෙන අහන්නේ අපි ගන්න පියවර කුමක් ද කියලා. මම හිතන්නේ ඔබතුමා කිව්ව පියවරවලට වඩා තව පියවර ගන්න තියෙනවා. විදේශ රටවලින් අපි ආධාර ගන්නවා නම් ඒ රටවල් සමඟ ඇති ප්‍රශ්න විසඳා ගන්න ඕනේ. දැන් කොහොමද අපේ ව්‍යාපාර ගෙනියන්නේ ? අපේ ව්‍යාපාර කඩා වැටෙනවා. මුදල් නැති වෙනවා. කී දෙනෙකුට රස්සා නැති වෙයි ද? බැංකු බේරන්න ගියාම ව්‍යාපාර ලක්ෂ ගණනක් කඩා වැටෙයි ද ? අපි එතැනට කොහොම ද මුහුණදෙන්නේ.

අයවැයෙන් සහන දෙනවා නම් උවමනාවක් නැති වියදම් සියල්ල කපන්න. මේක වෙනස් කරන එක රාජ්‍ය මූල්‍ය කොමිසමට භාරදෙන්න. ඉවත් කරන්න පුළුවන් සියල්ල ඉවත්කර එය ජනතාවට දෙමු. සහනය ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි ඊළඟට ණය අරන් කොහොම ද ගෙවන්නේ තව අවුරුදු 10කින්. මේ ආර්ථික ව්‍යුහය වෙනස් කරන්න ඕනේ. අපි තරගකාරි ආර්ථිකයකට ගිහින් අපි අපනයන සඳහා යන්න ඕනේ. ඕවා කිව්ව නිසා පෞද්ගලික අංශය මාත් එක්ක තරහා වුණා. අපි එතැනට යන්න ඕනේ. අපිට අලුත් මාර්ග ගණනාවක් හොයන්න පුළුවන්. මම කරපු හැම එකටම විරුද්ධ වුණා අන්තිමට ගෙදර ගියේ ගෝඨා නෙමෙයි මමයි. කොහොම හරි මම ආපහු ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නය විසඳන්න දේශපාලන විසඳුමක් ඕනේ. ඒත් දේශපාලන විසඳුම්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join