පාසලක බිහිසුණු පිහි ඇනුමක් - නගරයක් ප්‍රචන්ඩ වෙලා යයි.. දරුවන් 03ක් ඇතුළු සිව් දෙනෙක් වහාම රෝහල්ගත කරලා..

Crime Ireland
By krishani Nov 25, 2023 10:37 AM GMT
Report

අයර්ලන්තයේ ඩබ්ලින් අගනගරයේ පාසලක් තුළ පිහි ඇනුමක් සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අදාළ සිදුවීම හේතුවෙන් ඩබ්ලින් නගරය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ඒ හේතුවෙන් පොලිසිය සමඟ ගැටුම් ද ඇති කර ගෙන තිබෙනවා.

එහිදී මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති අතර පිහි ඇනුමෙන් පස් හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා ඇත.

එමෙන්ම තවත් දරුවන් දෙදෙනෙකු හා තිස් පස් හැවිරිදි කාන්තාවක් රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කළ පුද්ගලයන් 34ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.