20 හැවිරිදි පුතු ගේ පහරින් අවසන් ගමන්ගිය පියා..

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Dec 26, 2022 12:12 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මාවනැල්ල ප්‍රදේශයේ දී හතළිස් පස් හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු පුත්‍රයාගේ පහරදීමෙන්  ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 20 හැවිරිදි වියේ පසුවන පුත්‍රයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (25) රාත්‍රියේ මියගිය පුද්ගලයා සිය බිරිඳ සමඟ ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

එවිට, එම ස්ථානයට පැමිණි මෙම පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් සිය පියාට පහරදී ඇති බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

මෘත ශරීරය මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අත්අඩංගුවට ගත් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා අද (26) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now