වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි..

Sri Lanka Police Crime
By krishani Dec 24, 2022 06:56 AM GMT
Report

ගාල්ල - ඇල්පිටිය යක්කටුව ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කාරපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join