ආපනශාලාවක් ඉදිරිපිට වෙඩි තැබිමක්.

Sri Lanka Police Crime
By krishani Nov 29, 2022 05:57 AM GMT
Report

දෙවිනුවර - සිංහාසන මාර්ගයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.

ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී ඇත.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join