පුද්ගලයෙක් රෝහලට යැව්ව පත්තු කළ වෙඩිල්ල..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Feb 08, 2024 05:10 PM GMT
Report

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පුද්ගලයෙක් රෝහලට යැව්ව පත්තු කළ වෙඩිල්ල.. | A Shooting In Anamaduwa Thattewa Area

ඒ අද (08) පස්වරුවේ දී ය.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අනතුරුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරුකර යවා ඇත.

මෙලෙස වෙඩිවැදී ඇත්තේ 45 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු හටයි.

කෙසේ වෙතත්, වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමට හේතු වන්නට ඇති බව පොලීසිය සැක කරයි.