ගුරුවරියක්ට වෙඩි තැබිමක් - හය හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට..

United States of America Crime
By krishani Jan 07, 2023 06:23 AM GMT
Report

එක්සත් ජනපදයේ - වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරයෙකුට වෙඩි තැබීමෙන් පසු හය හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නිව්පෝර්ට් නිවුස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

දරුවා තුවක්කුව ලබා ගත්තේ කෙසේද යන්න පැහැදිලි නැති අතර අහම්බෙන් වෙඩි තැබීමක් නොවන බව විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

වෙඩි වැදුණු ගුරුවරිය වයස අවුරුදු 30ක් පමණ වන අතර ඇය රෝහලකට ගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය වී ඇත්තේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක දී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join