නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Aug 04, 2023 12:14 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (04) උදෑසන කඳාන - පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ඒ කප්පම් මුදලක් ලබා නොදීම හේතුවෙන් බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.

කඳාන පොලිසිය විසින් යතුරුපැදියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් වේ.

පසුගිය මස 31 වනදා අදාළ නිවසේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලබාදී කිසියම් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා.

පසුව ඔහු එකඟ වී ඇත්තේ රුපියල් ලක්ෂ පහක මුදලක් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට ලබාදීමට වන අතර එයට අකමැති වූ කප්පම්කරුවන් අද උදෑසන වෙඩි තබා තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර රැසක් එල්ල කර ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ ඇතුළත මෙන්ම පිටත ස්ථාන රැසකට හානි සිදු වී ඇත.

කෙසේ වෙතත්, එම වෙඩි ප්‍රහාරයෙන්  නිවැසියන්ට හානියක් සිදු වී නොමැත.