වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කරයි..

Sri Lanka Police Crime
By krishani Apr 02, 2023 09:47 AM GMT
Report

අද (02) දහවල්, කතරගම - පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය පැවසීය.

46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් ලක්මාල් නොහොත් “උඩවත්තේ මංජු” නැමැත්තෙක් එම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ.

මොහු කරාතේ ගුරුවරයෙකු වන අතර ඔහු පසුපස හබාගොස් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පාදවලට හානි සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join