ධීවරයින්ට සහ නාවිකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්
Department of Meteorology
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
[M84BFRJ