ඇමරිකාවට ඉරානයෙන් දරුණුම අනතුරු ඇඟවීම

Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Iran-US Conflict
By R.rishma Jul 16, 2026 08:50 AM GMT
Report

අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදුවුවහොත් පවතින ගැටුම් නව කලාප වෙත ව්‍යාප්ත වන බවට ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයකින් ඔහු සඳහන් කර ඇත්තේ, අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවුවහොත්, ගැටුම් නව සටන් පෙරමුණු කරා පුළුල් කිරීමට ඉරානය පියවර ගන්නා බවයි.

ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ ශක්තිය සහ හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් ලෝකයට අනාවරණය කර නොමැති බව ද ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම සතුරු ක්‍රියාවකට ලබාදෙන ප්‍රතිචාරය වර්තමාන තත්ත්වයට වඩා ඉතා ප්‍රබල වනු ඇති අතර, එය සතුරාගේ අපේක්ෂාවන් ඉක්මවා යමින් ගැටුම් නව කලාප වෙත ව්‍යාප්ත වීමට හේතු විය හැකි බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.