ඇඟ හදා ගන්න පාසල් සිසුවෙක් කාන්තාවකට කළ දෙයක් - හිතුවෙවත් නැති වෙලාවක ගෙට රින්ගලා කරපු දේ අතටම මාට්ටූ වෙලා.. අන්තිමට දෙන්නටම අත්වුණ ඉරණම හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..
84 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ පුවතක් මොරටුමුල්ල, ඉඳිබැද්ද ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම ඝාතනය කිරිමේ චෝදනාව මත 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ඒ අද (03) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ය.
තමන් කළ මුදල් සොරකමක් ඇයට හසුවීම හේතුවෙන් පොල් උලකින් හිසට ඇන මෙම ඝාතනය කළ බවට අදාළ සිසුවා පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ මොරටුමුල්ල පොලිස් වසමේ ඉදිබැද්ද ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචි වී සිටි තිලකා නාලනී ප්‍රනාන්දු නම් වයස 84 ක් වූ කාන්තාවක් ය.
පසුගිය 29 වැනිදා ඇගේ නිවස තුළදීම තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවෙක් මොරටුමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් වන අතර පසුගිය 27 වනදා එම කාන්තාවගේ නිවසට ඔහු ගොස් ඇති බවට අනාවරණය විය.
ඇගේ නිවසේ රූපවාහිනියේ වැඩසටහනක් නැවත බැලීමට සඳහා සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් අනුව තමන් එහි ගිය බව සිසුවා කියා ඇත.
එම අවස්ථාවේ දී අදාළ කාන්තාවගේ මුදල් පසුම්බියේ රුපියල් පන්දහසේ නෝට්ටු කිහිපයක් ඇති බව සිසුවා දැක තිබෙනවා.
ඉන් පසුව එය සොරකම් කිරීමේ අරමුණෙන් ඊට පසු දින යළි නිවසට ගොස් ඇත.
එහිදී බීමට වතුර වීදුරුවක් ඉල්ලූ අවස්ථාවේ කාන්තාව මුළුතැන්ගෙට ගොස් තිබෙනවා.
එහිදී සිසුවා කාමරයකට ඇතුළු වී මුදල් පසුම්බියෙන් පන් දහසේ නෝට්ටු කිහිපයක් ගෙන ඇති අතර එය කාන්තාව විසින් දැක ඇති බවට තොරතුරු වාර්තා විය.
පසුව ඔහුගේ මව්පියන්ට මෙම සොරකම සම්බන්ධයෙන් දැනුවත් කරන බව කාන්තාව පවසා ඇති අතර එයට කලබලයට පත්වූ සිසුවා මුදල් රැගෙන පළා යාමට උත්සාහ කර තිබෙනවා.
අනතුරුව අදාළ සිසුවාව ඇය අල්ලාගෙන ඇති අතර ඇයව තල්ලු කිරිමත් සමග ඇයව බිත්තියක වැදි ඇත.
ඒ හේතුවෙන් ඇගේ හිසෙන් ලේ ගැලීමක් සිදුව ඇති අතර පසුව සිසුවා විසින් නිවසේ පිටුපස තිබූ පොල් උලක් ගෙන පැමිණ ඇයගේ හිසට පහර දී තිබෙනවා.
පසුව මුදල් සහ කාන්තාවට අයත් ජංගම දුරකථනය ද රැගෙන පලා ගොස් ඇති සිසුවා ජංගම දුරකථනය මොරටුව ප්‍රදේශයේ අලෙවි සැලකට විකුණා මුදල් ද ලබාගෙන ඇත
ඒ බව පොලිසිය සඳහන් කළේ ය.
එහිදී සොරකම් කළ රුපියල් 9000ක මුදලින් සිසුවා කාය වර්ධනයට භාවිත කරන පෝෂණ අතිරේක පිටි වර්ගයක් ගෙන ඇත.
මේ අතර වාර්තා වන්නේ, කාන්තාව එම අදාළ මුදල් එකතු කර තබාගෙන ඇත්තේ අද පැවැත්වීමට නියමිතව තිබූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා යි.
කෙසේ වෙතත්,අත්අඩංගුවට ගත් සිසුවා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අනතුරුව ඔහුව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.