පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් 22ක් මරුට..100ක් සුන් බුන් අතර..

Nigeria Accident Death Education
By Aruna Jul 13, 2024 02:03 AM GMT
Report

පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ළමුන් කිහිප දෙනෙකු මියගොස් තිබෙන බව මධ්‍යම නයිජීරියාවෙන් වාර්තා වනවා.

මෙරට වේලාවෙන් ඊයේ (12දා) උදෑසන මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සාන්තුවරයන්ගේ ඇකඩමිය ලෙසින් නම්කර ඇති පාසලක මෙය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..


ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පසු සුන්බුන් අතර සිරවී සිටි සිසුන් උපකාර ඉල්ලා කෑගසමින් සිට ඇති අතර, දෙමාපියන් වියරුවෙන් තම දරුවන් බේරාගැනීමේ අනේකවිඳ උත්සාහයන්හි නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

නයිජීරියානු ජාතික හදිසි කළමනාකරණ ඒජන්සියට අනුව තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර නොමැති වුවත්, සිසුන් කිහිප දෙනෙකුම මියගොස් ඇති බවයි දන්වා ඇත්තේ.

තහවුරුකළ වාර්තාවන්ට අනුව, දෙමහල් පාසල කඩා වැටීමෙන් සිසුන් 22 දෙනෙකු මිය ගිය අතර සුන්බුන් අතර සිරවී සිටින 100 කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළ බව බලධාරීහු පවසති.

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..


මෙම පාසලේ සිසුන් 1,000කට වැඩි පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිතරවන බවට හඳුනාගෙන තිබේ.