ලිඳකට ඇද වැටී පාසල් දරුවෙක් ජීවිතක්ෂයට..!

Trincomalee Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Nov 03, 2022 03:50 AM GMT
Report

කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එනම් ඊයේ දිනයේ පාසල අසල ඇති ලිදකට දිය නෑමට ගිය අවස්ථාවේදී එම දරුවා ළිඳට ඇද වැටී ඇති බවයි විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ.

ඉන්පසු මෙම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.මිය ගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇති අතර කින්නියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Jpin Now