තියුණු ආයුධත් රැගෙන බිය ගන්වා නගරයක කළ විසල් කොල්ලය - පොලීසියත් වහා ක්‍රියාත්මක වෙයි..

Sri Lanka Police Gampaha Sri Lanka Police Investigation
By krishani Dec 10, 2023 12:55 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (10) උදෑසන ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක කොල්ලකෑමක් සිදු වී තිබෙනවා.

තියුණු ආයුධත් රැගෙන බිය ගන්වා නගරයක කළ විසල් කොල්ලය - පොලීසියත් වහා ක්‍රියාත්මක වෙයි.. | A Robbery At A Gampaha Pawn Shop

එම මංකොල්ලය සිදුකර ඇත්තේ තියුණු ආයුධ රැගෙන පැමිණි දෙදෙනෙකු විසින් බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ අද උදෑසන 8.20ට පමණ ය.

එම මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග එහි ඇතුලු වූ දෙදෙනෙකු විසින් මෙම මං කොල්ලය සිදුකර තිබෙනවා.

උකස් මධ්‍යස්ථානයේ හිමිකරුවන් කියා සිටියේ, කොල්ලකරුවන් විසින් ලක්ෂ 175කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් සහ ලක්ෂ 10ත් 15ත් අතර මුදල් ප්‍රමාණයක් කොල්ල කා ඇති බවයි.

තියුණු ආයුධත් රැගෙන බිය ගන්වා නගරයක කළ විසල් කොල්ලය - පොලීසියත් වහා ක්‍රියාත්මක වෙයි.. | A Robbery At A Gampaha Pawn Shop

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.