උසස් පෙළ විභාගයේ නැවතත් ඇති වුණ ගැටලුවට මොකද වුණේ?. - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Latest Headlines Decision Making
By krishani Jan 21, 2024 10:05 AM GMT
Report

පසුගියදා පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමේ දී ගැටලුවක් මතු වී ඇති බව වාර්තා විය.

උසස් පෙළ විභාගයේ නැවතත් ඇති වුණ ගැටලුවට මොකද වුණේ?. - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Problem At A Galle Center In The A L Examination

ඒ, ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී ය.

එහිදී ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයට අදාළව එම විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිනිය කටයුතු කළ ආකාරය හේතුවෙන් සිසුන්ට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සහනයක් ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ සහනයක් ලබාදිය හැකි ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.

මෙම විභාග මධ්‍යස්ථානයේ ගිණුම්කරණ පළමු ප්‍රශ්ණ පත්‍රයට සිසුන් පිළිතුරු සපයමින් සිටියදී එහි ශාලාධිපතිනිය ගණක යන්ත්‍ර සිය භාරයට ගෙන තිබෙනවා.

රාජ්‍ය සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

රාජ්‍ය සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..


ඒ අනුමත නොකළ ගණක යන්ත්‍ර ඒ අතර තිබෙන බව සඳහන් කරමින් ය.

එහිදී විනාඩි 30 කට පමණ පසු එම ගණක යන්ත්‍ර නැවත සිසුන් වෙත ලබා දී ඇත.

ඒ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

නමුත් ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගත වී ඇතත් පිළිතුරු ලිවීම සඳහා අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැත.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් සිය දරුවන්ගේ පිළිතුරු ලිවීමේ කටයුතුවලට බාධා එල්ල වූ බව දෙමාපියන් චෝදනා කළේ ය.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ විභාගයේ නැවතත් ඇති වුණ ගැටලුවට මොකද වුණේ?. - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Problem At A Galle Center In The A L Examination