කඩුලු 5යි - පාකිස්තානය ලකුණු 110කට කඩා වැටෙයි

Sri Lanka Cricket Sri Lanka Pakistan national cricket team Sinhala news SriLanka News - Gagana
By Malith Madushan Oct 27, 2026 10:48 AM GMT
Report

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හමුවේ පාකිස්තාන ඉනිම ලකුණු 110කට සීමා විය.

ලාහෝර්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 25.3කදී පාකිස්තාන කණ්ඩායමේ සියලුම කඩුලු දවා ගැනීමට සමත් විය.

දිල්ෂාන් මධුශංකගෙන් කඩුලු පහක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුශංක පන්දුවාර 8.3කදී ලකුණු 34ක් ලබා දෙමින් කඩුලු පහක් දවා ගත්තේය.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ලෙස වාර්තා විය.

ඔහුගේ කෙටි පන්දු හමුවේ පාකිස්තාන පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වූ අතර, අවසන් කඩුල්ල ලෙස ෂහීන් ෂා අෆ්රිඩි දවා ගනිමින් මධුශංක සිය කඩුලු පහ සම්පූර්ණ කළේය.

අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත් අතර, එෂාන් මාලිංග සහ දඟ පන්දු යවන්නන් වන සහන් ආරච්චිගේ හා දුනිත් වෙල්ලාලගේ ද පාකිස්තාන ඉනිම බිඳ දැමීමට දායක වූහ. 

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් පන්දු 33කදී හතරේ පහර පහක් සමඟ ලකුණු 29ක් රැස් කළේය.

සල්මාන් අගා ලකුණු 9කට දැවී ගිය අතර, හසන් නවාස් ලකුණු 17ක් ලබා ගත්තේය.

අවසන් පිතිකරුවන් අතරින් ෂහීන් ෂා අෆ්රිඩි පන්දු 13කදී හයේ පහර දෙකක් සමඟ ලකුණු 15ක් රැස් කළේය.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ පාකිස්තානයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි විය. ඒ අනුව, තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක් හිමිව තිබේ. 


GalleryGalleryGallery