ගුවනේදී සිදුවූ දෙයකින් ගුවන් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(VIDEO/PHOTOS)

Plane Crash Fire Accident Death
By Aruna Feb 10, 2024 06:32 AM GMT
Report

අධිවේගී මාර්ගයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාළ යානයේ නියමුවා විසින් නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට යානය ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව ගමනාගමන පාලකවරයාට පැවසූ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ පුද්ගලයින් 05දෙනකු පමණ ගමන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්,අනෙක් තිදෙනාට දිවි ගලවා ගැනීමට හැකි වූ බවයි.

කෙසේ වෙතත් හදිසියේ සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි, එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය පවසා ඇත්තේ.

මීට අදාල වීඩියෝ දර්ශන සහ ඡායා රූපයන් පහතින්,


GalleryGalleryGallery