මගීන් සමගම ගුවන් යානයක් කඩා වැටේ..!

India Afghanistan Plane Crash Accident Russia
By Sewvandhi Jan 21, 2024 11:42 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊසාන දිග ඇෆ්ගනිස්තාන කඳුකර ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටී අනතුරට ලක්ව ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇති ගුවන් යානයේ මගීන් 6 දෙනෙකු සිට ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

තවමත් යානය කඩා වැටී ඇති ස්ථානය පිළිබඳව තොරතුරු නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එම ආසන්න ප්‍රදේශ වෙත සහන සේවා කණ්ඩායම් යොමුකර ඇත.

 ඉන්දියාවේ සිට මොස්කව් දක්වා පැමිණෙමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි, රුසියාව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

මේ අතර අනතුරට ලක්ව ඇති ගුවන් යානය ඉන්දියාවට අයත් යානයක් බවට මීට පෙර වාර්තා පළවුවද ඉන්දීය රජය විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණි.  

Sponsored By Sarrita Jewellery

මගීන් සමගම ගුවන් යානයක් කඩා වැටේ..! | A Plane Crashes Afghanistan