තරුණයෙකුගේ අතක් ඇඟෙන් වෙන් කළ බිහිසුණු ගැටුම...

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Jan 26, 2024 10:04 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

යාබද නිවස දෙකක පුද්ගලයන් දෙදෙනෙකු අතර කළක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුගේ වම් අත වෙන්වන ලෙස කපා දමා තිබෙනවා.

ඒ, ඌරගහ ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන් වෙනවා.

මේ අතර, තරුණයෙක්ට කළ අමානුෂික පහර දීමක් හේතුවෙන් මාස ගණනාවක් කිසිවක් කරකියා ගත නොහැකිව ඔත්පලව සිටින පුවතක් හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම තරුණයා නවාංජන සඳකැලුම් වන 18 වියෙහි පසුවන පුද්ගලයෙක් ය. යම් කිසි පිරිසක් විසින් පසුගිය වසරේ දී ඔක්තෝම්බර් 20 වැනිදා හික්කඩුව නගරයේ දී සංගීත සංදර්ශනයක දී ඇති වූ මතභේදයක් හේතුවෙන් ඔහුගේ හිසට පහර දී තිබෙනවා.

එම කළ පහරදීමෙන් නවාංජනගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මේ වන විට කිසිවක් කරකියා ගත නොහැකිව දැඩි සේ රෝගී තත්ත්වයට පත්ව ඇත.

ඔහුට හුස්ම ගැනීමට සිදුව ඇත්තේ නළ මාර්ගයෙන් වන අතර ආහාර ලබා දෙන්නේ ද නළ මාර්ගයෙන් වේ. මාස තුනකට පෙර නවාංජනට සිදුකළ සැත්කමකින් ඔහුගේ හිස්කබලේ කොටසක් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ එලෙස ඉවත් කළ හිස් කබලේ කොටස නැවත ශල්‍යකර්මයකින් සකස් කිරීමටයි. නමුත් ඔහුගේ ශරීරය දුර්වල තත්ත්වයේ පැවතීම හේතුවෙන් එය සිදුකිරීම ද අසීරු වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

තරුණයෙකුගේ අතක් ඇඟෙන් වෙන් කළ බිහිසුණු ගැටුම... | A Person S Arm Is Severed In A Collision Uragaha