පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම ගැන අලුත්ම චක්‍රලේඛයක්..! අලුත්ම ක්‍රමවේදය මෙන්න..

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination Grade 05 Scholarship examination Sri Lankan Schools
By Sewvandhi Jan 23, 2024 11:16 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ඇති බවයි.

එමෙන්ම මෙහිදී, පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ.

2024 වර්ෂයේ 1,5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා (උසස් පෙළ ද ඇතුළුව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

මේ අතර 2023 වර්ෂයේ පන්තිවලට අදාළව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත හෝ යොමු කිරීම සිදු නොකරන ලෙස දන්වන අතර පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බව ද දන්වා සිටී.

Sponsored By Sarrita Jewellery

පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම ගැන අලුත්ම චක්‍රලේඛයක්..! අලුත්ම ක්‍රමවේදය මෙන්න.. | A Notice About Admission Of Children To Schools