සාහාසික ලෙස පුද්ගලයකු ගේ හිස කපා දේව ප්‍රතිමාව ලඟ තබලා..විදෙස් රටකින් ඇසෙන ඇඟ කිළිපොලා යන කතාව..(VIDEO).
India
murder
crime
head
By Sewvandhi
ඊයේ (10) ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ පාර අයිනේ පිහිටි පූජනීය ස්ථානයක පිළිමයක් පාමුල තිබී මිනිසෙකුගේ කපා දැමූ හිසක් සොයා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සහ මෙම අපරාධයට මුල් වූන හේතුව සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා තිබෙන බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.
වයස අවුරුදු 30 ක් පමණ වන මෙම පුද්ගලයා වෙනත් ස්ථානයක ඝාතනය කර ඔහුගේ හිස එම ස්ථානයට ගෙනවිත් පිළිමය පාමුල තබා ඇති බවට සැක කරන බවයි පරීක්ෂණ පවත්වන එරට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා පවසා තිබෙන්නේ. මෙ
ම පුද්ගලයාගේ මළ සිරුරේ ඉතිරි කඳ කොටස තවමත් සොයා ගැනීමට හැකි වී නැති බවත්, ප්‍රදේශයේ සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂා කරමින් සිටින බවත් පොලිසිය සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |