වෑත්තෑව විහාරාධිපති හිමිගේ ඝාතනයට තවත් 4ක් සොයයි - ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් එලියට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 17, 2022 09:20 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ මරණය හුස්ම සිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ. සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ සිරුර පසුගිය 14වනදා එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී හමුවිය.

ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අතර අත්අඩංගුවේ පසුවන සැකකාර ගෝල භික්ෂුවගේ පෙම්වතියගේ මව, ඇයගේ අනියම් සැමියා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුද වන බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවන අවස්ථාවේදී විහාරස්ථානය තුළ නොසිටි බවට සැකකාර භික්ෂුව ප්‍රකාශ කර ඇති බවය. ඝාතනය මෙහෙයවා ඇත්තේ සැකකාර ගෝල භික්ෂුවගේ ඩුබායි හී සිටින පෙම්වතිය හා ඇයගේ මාමා කෙනෙකු බවටද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම සැකකාර භික්ෂුවගෙන් විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය හා වැගන් ආර් රථය මිලදීගත් පුද්ගලයාව සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය විකිණීමෙන් ලැබූ රුපියල් ලක්ෂ 135ක මුදල ඩුබායිහී සිටින පෙම්වතියට යැවීමට එය මිලදී ගත් පුද්ගලයා විසින් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW