රෝහල් ඖෂධ ගබඩාවක ගින්නක්

Sri Lanka Fire
By Sewvandhi Jun 02, 2022 03:23 AM GMT
Report

වැල්ලව පොලිස් වසමේ හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන ඇති බවට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (01) දිනයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, සිදු කරන ලද විමර්ශනවල දී හෙළිව ඇත්තේ ඖෂධ ගබඩාවේ රාක්කයක් අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවයි.

ගින්නෙන් ඖෂධ ගබඩාවේ සුළු කොටසකට හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now