කතුන් රවටා පසුම්බියට විදින අනංගයා..

Anuradhapura Thissamaharamaya padukka business woman
By Sewvandhi Jan 11, 2022 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ව්‍යාපාරික කාන්තාවක් සමග සබඳතාවයක් පවත්වමින්, අනුරාධපුර වන්දනාවේ පැමිණ නවාතැන් ගෙන සිටි ලැගුම්හලේ දී ව්‍යාපාරික සතු රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ සොරා ගෙන පලා ගිය වෘත්තියෙන් රියැදුරකු තිස්සමහාරාමය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

පාදුක්කේ පදිංචි 60 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් සමග කලක සිට අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති සැකකරු, අදාළ කාන්තාව සමග අනුරාධපුර වන්දනාවේ පැමිණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නතරවී සිට ඇතැයි පොලිසිය කියයි.

එම කාන්තාව අනුරාධපුර නගරයේ බැංකුවකින් කිසියම් අවශ්‍යතාවයක් සදහා මුදල් ලබා ගෙන ඇති අතර රුපියල් 41,12000 සහ 5,45000ක් පමණ වටිනා රන් භාණ්ඩ රැගෙන සැකකරු පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now