කෙලින්කන්දම බියෙන් සළිත කල වෙඩි පහර

Mathugama Shooting Baduraliya Balika road Kelikanda
By Sewvandhi Mar 02, 2022 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (02) අලුයම නිවස ඉදිරිපිටදී කාන්තාවක් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දීය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති අදාළ කාන්තාව බදුරලිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ චන්ද්‍රලතා පත්මිණී නමැති 53 හැවිරිදි විවාහක කාන්තාවකි. 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය සමග කලක් එකම නිවසේ වාසය කළ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර වෙඩිතැබීමට යොදාගෙන ඇත්තේ මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවියක් බව පොලීසිය පවසයි.

දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවී ඇති බවද පොලීසිය සැක කරයි. බදුරලිය පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

මීට පෙර මතුගම බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් ද කාන්තාවක් මියගොස් තිබුණි. මෙලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 38ක කාන්තාවකි.

ඇයගේ සැමියා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙකු නිවස වෙත පැමිණ තිබූ අතර එහිදී කාන්තාව ට වෙඩි තබා ඇති බවට පොලීසිය සැක පළ කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now