තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

Bogaswawa Nandimithragama Wawniyava
By Sewvandhi Feb 22, 2022 03:05 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බෝගස්වැව 03 වන පටුමඟ නන්දිමිත්‍රගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 54 හැවිරිදි නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලික ආරවුලක් මත දෙදෙනෙකු අතර ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 51 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බෝගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now