කතාව දුර දිග ගිහින් පොල්ලෙන් ගහලා මරලා.

murder sri lanka Puttalam Sewvanthiw
By Sewvandhi Jan 11, 2022 07:46 AM GMT
Report

පුත්තලම සෙව්වන්තිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පොල්ලකින් පහර දී එම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුත්තලම 03 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර පහරදීම සිiදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now