ගොඩනැඟිල්ලකින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Accident
By Sewvandhi Dec 11, 2022 02:37 PM GMT
Report

ඉදිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. ඒ නාරහේන්පිට පාර්ක් පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලකට තෙවන මහලින් ඇදවැටීමෙනුයි.

අනතුරින් මියගොස් ඇත්තේ හාලිඇළ, දික්වැල්ල හේන ප්‍රදේශයේ පදිංචිව සිටි රාමලිංගම් මානික්කම් නැමැති විසිතුන් හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

 මියගිය අය ඊයේ (10) රාත්‍රී අදාළ ගොඩනැගිල්ල තුළ මත්පැන් පානය කර ඇති අතර කිසියම් අවශ්‍යතාවයක් සඳහා තෙවන මහල කරා යාමේදී අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී එම අනතුර වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු සමග එම ගොඩනැගිල්ලේ සේවය කරන අනෙක් පුද්ගලයන් දෙදෙනා ඊයේ උදේ මොහු ලේ විලක් මත වැටී සිටින අයුරු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාරගත් පුද්ගලයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ පොලීසියට දැනුම්දී ඇති බව වාර්තා වේ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් රෝහලේදී පැවැත්වීමට නියමිතය. කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් මාරපන, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහෙන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. අරම්පොල, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. එස්. බෝගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now